නවසීලන්තයට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක්
2024-04-20 17:20:48
Share with:

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් නුවර විවෘත කිරීමට සැලසුම් කෙරේ. කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව එය ක්‍රියාවට නැංවෙන බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 සිට 25 වැනිදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය. 

මේ වනවිට ශ්‍රී ලාංකික වෘත්තිකයන් සහ සිසුන් විශාල පිරිසක් නවසීලන්තයේ වෙසෙන අතර, ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතා වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියාසිටී.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම