පලස්තීන‍ යෝජනාවට ඇමරිකාව විරුද්ධවීම සම්බන්ධයෙන් දැඩි කල කිරීමට පත්වන බව චීනය කියයි
2024-04-19 10:15:19
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකාවේ නිෂේධ බලය හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බැවින් 18වෙනි දින කනගාටුදායක දිනයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි. අදාළ ඡන්ද විමසීමෙන් පසු හෙතෙම මේ බව පැවසීය.

ඇමරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ දැඩි කලකිරීමක් බවද හෙතෙම කීය.

ස්වාධීන රටක් බිහි කිරීම පලස්තීන ජනතාවගේ පරම්පරා ගණනක පැතුම බවත්, නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳීම මෙම ඓතිහාසික ක්‍රියාවලියේ ප්‍රධාන පියවරක් බවත් Fu Cong මහතා පෙන්වා දුන්නේය. 2011 වසරේදී ද පලස්තීනය ඊට ඉල්ලුම් කළේය. එහෙත් සුළුතර රටවල විරෝධය හේතුවෙන් එය අසාර්ථක විය. වර්තමානයේ දී අන් කවරදාකටත් වඩා පලස්තීනය එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීම අත්‍යවශ්‍යතාවකි.

පලස්තීනයට සහ ඊශ්‍රායලයට කෙදිනක හෝ රටවල් දෙකක් ලෙස සාමකාමීව සහජීවනයෙන් සිටිය හැකි යැයි චීනය විශ්වාස කරන බව Fu Cong මහතා පැවසීය. එම දිනය හැකි ඉක්මනින් උදා කර ගැනීම සඳහා චීනය අඛණ්ඩව උත්සාහ දරමින් ඵලදායී කාර්යභාරයක් ඉටු කරන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම