සංචාරක පැමිණීම් අඛණ්ඩව වර්ධනය වෙයි
2024-04-19 17:31:12
Share with:

අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයන් 82,531 ක්  ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනයන් හි මේ බව දැක්වේ. ඒ අනුව වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරක සංඛ්‍යාව 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ පැමිණ ඇති සංචාරකයන්ගෙන් 17% ක් ඉන්දීය සංචාරකයෝ වෙති. එම සංඛ්‍යාව 14,207කි. මීට අමතරව, එම කාලය තුළ බ්‍රිතාන්‍යයෙන් 9,095 ක්, රුසියාවෙන් 8,508 ක් සහ ජර්මනියෙන් 6,489 ක් වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම