ඉන්දුනීසියාවේ ජනපතිවරණයෙන් ජය ලැබූ Subianto මහතා හා චීන විදේශ ඇමති අතර හමුවක්
2024-04-19 10:14:57
Share with:

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ Prabowo Subianto මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා හමුවේ. හමුව ඊයේ (18) ඉන්දුනීසියාවේ Jakarta හි දී පැවැත්විණ.

 

වැඩි ඡන්දයෙන් ජනාධිපතිවරණ‍ය ජයග්‍රහණය කිරීම පිළිබඳව වං යී මහතා Prabowo Subianto මහතාට යළි සුබ පැතුම් පිරිනැමීය. Prabowo Subianto මහතා ලබන ඔක්තෝබර් මාසයේ දිවුරුම් දීමෙන් පසු එම නායකත්වයෙන් ඉන්දුනීසියානු ජනතාවට වඩා සුන්දර අනාගතයක් නිර්මාණය කළ හැකි බව වං යී මහතා විශ්වාසය පළ කළේය. ඔහු ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු චීනයේ සංචාරය කර ඇත. චීන ජනතාව වෙත දක්වන මිත්‍ර හැඟීම් හා චීන-ඉන්දුනීසියා සබඳතාව කෙරෙහි වැදගත් කොට සැලකීම ඉන් පිළිබිඹු වන බව හෙතෙම පැවසීය.

 

චීනය සෑම විටම ඉන්දුනීසියාව සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල ප්‍රමුඛතාවයක් ලෙස සලකන අතර ගෝලීය ක්‍රියාකාරීත්වයේදී විශ්වසනීය හවුල්කරුවෙක් ද වෙයි. ඉන්දුනීසියාව සමග විශ්වාසය තවදුරටත් තහවුරු කර උපායමාර්ගික අන්‍යෝන්‍ය හවුල්කාරී සබඳතාව අඛණ්ඩව ඉහළ මට්ටකට නංවා ගැනීමට චීනය අපේක්ෂා කරයි. සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් කැපවී දිනාගත් සාමය හා ස්ථාවරත්වය ඒකාබද්ධව තහවුරු කර කලාපීය ඉරණම සියතට ගෙන ස්ථිරව ආරක්ෂා කිරීමට චීනය සූදානම් බවද වං යී මහතා පැවසීය.

 

චීනය හා පවතින සබඳතාව සහතික කිරීමේදී ඉන්දුනීසියානු වත්මන් ජනපති Joko Widodo මහතා හා සමාන අදහස් තමා වෙත පවතින බව Prabowo Subianto මහතා ප්‍රකාශ කළේය. වඩා උසස් මට්ටමේ උපායමාර්ගික සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නංවා ගැනීම Prabowo Subianto මහතාගේ අපේක්ෂාවයි. ජගත් හා කලාපීය කටයුතුවලදී සාධාරණත්වය හා යුක්තියට සැම විටම අනුබල දෙන චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අවංක සහය ලබා දෙන බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම