චීන මහජන විමුක්ති හමුදාවේ තොරතුරු සහාය බලකාය ස්ථාපනය කෙරේ
2024-04-19 20:18:16
Share with:

චීන මහජන විමුක්ති හමුදාවේ තොරතුරු සහාය බලකාය ස්ථාපනය කෙරේ. එම උත්සවය අද (19) ‍බෙයිජිං අගනුවර දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා තොරතුරු සහාය බලකාය වෙත හමුදා ධජය පිරිනැමීය. එසේම, පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා හමුදා කොමිසම වෙනුවෙන් තොරතුරු ආධාර බලකායේ සියලු නිලධාරීන් හා භටයන් වෙත ජනාධිපතිවරයා උණුසුම් සුබ පැතුම් පළ කළේය.

නව යුගයට සරිලන ප්‍රබල හමුදාවක් ගොඩනැගීමේ සංකල්පය හා නව යුගයේ හමුදා උපායමාර්ග අනුගමනය කර, දේශපාලන, ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ, පුද්ගල සංවර්ධනය හා නීති යන ක්ෂේත්‍රවල ක්‍රමවේද යොදා ගනිමින් නවීන මෙන්ම බලවත් තොරතුරු සහාය බලකායක් ගොඩනැගිය යුතු බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම