14 වන බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ආරම්භ වෙයි
2024-04-19 10:31:48
Share with:

14 වන බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඊයේ (18) බෙයිජිං Yanqi  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ විය. චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මාර්ගෝපදේශනය යටතේ එම උළෙල චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධානය කරයි.

සංස්කෘතියට ආත්මය සම්බන්ධ කළ හැකි බවත් කලාවට ලෝකය සම්බන්ධ කළ හැකි බවත් චීන ජනාධිපති ‍ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇතැයි  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී කතාවක් කරමින් පැවසීය. බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වසර දාහතරක් ගෙවී ගොස් ඇති අතර, එහි ජාත්‍යන්තර බලපෑම වඩාත් වර්ධනය වෙමින් පවතින බව ද ඔහු කීය. චිත්‍රපට මගින් නව යුගයේ චීන කථා වඩා හොඳින් අවබෝධක කර ගැනීමට මෙම උළෙල උපකාරීවනු ඇතැයි ද  Shen Haixiong මහතා එහිදී අපේක්ෂා පළ කළේය.

මෙවර බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තේමාව වන්නේ " චිත්‍රපටිවලින් ප්‍රබුද්ධ වීම හා එක්සත් වීම" යන්නයි. උළෙල සඳහා ලියාපදිංචි චිත්‍රපට සංඛ්‍යාව 4,273 කි. ඒ අතර ප්‍රධාන තරඟ අංශය වන "Tiantan සම්මානය" සඳහා රටවල් හා කලාප 118ක චිත්‍රපට 1509 ක් ලියා පදිංචි  වී ඇත. එය වාර්තාගත මට්ටමකි.

ලබන 26 වැනිදා එම උළෙලේ සමාප්ති උළෙල පැවැත්වෙයි. එම අවස්ථාවේදී "Tiantan " සම්මානලාභියා ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම