ඇමරිකාව තමන්ගේ ගැටළුවලට චීනයට දොස් පැවරීම යුක්තිසහගත නොවේ
2024-04-19 21:20:52
Share with:

චීනය තම නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සම්බන්ධයෙන්, ඇමරිකානු ජනපති Joe Biden කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව චීනය කියයි.

තම නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා, චීන රජය දිගු කලක් තිස්සේ චීන වානේ සමාගම්වලට සහනාධාර ලබා දී ඇති අතර, ඒවා අසාධාරණ ලෙස අඩු මිලට ගෝලීය වෙළඳපොළට මුදාහැරීමෙන් ඇමරිකාවට හානියක් කර ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය දා පවසා තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (19) පැවති මාධ්‍ය හමුවක දී කියාසිටියේ, අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර, එය චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාවලට හානි කරන බවයි. මෙය සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති රාජ්‍ය නායක හමුවේ දී ඇති කරගත් එකඟතාවන්ට ද පටහැනි වේ. චීනය මේ සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය පළකරන බව ද හෙතෙම පැවසීය. සිය අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීමේ දී චීනය අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද Lin Jian මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම