ඉරාන- ඊශ්‍රායල ගැටුම තීව්‍ර කරන සියලු ක්‍රියාවන්ට එරෙහි වන බව චීනය කියයි
2024-04-19 20:03:13
Share with:

ඉරාන- ඊශ්‍රායල ගැටුම තවදුරටත් උග්‍ර කරන ඕනෑ ම ආකාරයක ක්‍රියාවකට විරුද්ධ වන බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ‍ඉරාන-ඊශ්‍රායල ගැටුම පිළිබඳව අදහස් දක්වමින් මේ බව පැවසීය.

අද (19) ඉරානයේ මධ්‍යම ප්‍රදේශයකට බෝම්බ ප්‍රහාර එල්ල වූ බවත්,  ඊශ්‍රායලය එම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවත් වාර්තා විය. මේ සම්බන්ධයෙන් ලින් චියෙන් මහතා කියා සිටියේ, ඉරානය හා ඊශ්‍රායලය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව චීනය අවධානයෙන් සිටින බවයි.

ඉරාන- ඊශ්‍රායල ගැටුම තවදුරටත් උග්‍ර කරන ඕනෑ ම ආකාරයක ක්‍රියාවකට චීනය විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240724බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම