"ඇමරිකානු විදේශ ආධාරවල කුහකත්වය සහ සත්‍යය" අනාවරණය වේ
2024-04-19 17:08:09
Share with:

"ඇමරිකානු විදේශ ආධාරවල කුහකත්වය සහ සත්‍යය" නමැති වාර්තාව නිකුත් කෙරේ.

එම වාර්තාව, ඇමරිකාව විවිධ රටවල් සඳහා ලබාදෙන ආධාරවල සැබෑ චේතනාවන්, ඔවුන්ගේ ක්‍රියාකාරකම්, ඒවායේ ප්‍රතිඵල සහ බලපෑම් පිළිබඳ පර්යේෂණ පවත්වා සකස් කරන ලද්දකි. ඇමරිකානු ආධාරවල කුහක ස්වභාවය සහ අයහපත් බලපෑම ඉන් හෙළිදරව් කෙරේ.  එමෙන් ම ඇමරිකාව ආධාර යන නාමය මුවාවෙන් නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම, ඒකධ්‍රැවීය ආධිපත්‍යය පවත්වාගැනීම හා ජාත්‍යන්තර සංවර්ධන පටිපාටිය කඩාකප්පල් කිරීමේ තත්ත්වය ඉන් පෙන්වා දී තිබේ. ලෝක සමෘද්ධිය සහ ස්ථාවරත්වය අඩපණ කිරීම සඳහා ඇමරිකාවේ පහත් අභිප්‍රායන් සහ ඒවායින් සිදුවන බරපතල හානි මෙම වාර්තාවේ පූර්ණ විග්‍රහයකට ලක් කර ඇත.

ඇමරිකාව සෑමවිටම තමා ‘ලොව විශාලතම විදේශ ආධාර සපයන්නා’ ලෙස සලකන බව එම වාර්තාව පෙන්වා දෙයි. නමුත් සැබැවින්ම, ඇමරිකාවේ විදේශ ආධාරවල මූලික අරමුණ සෑමවිටම තම අවශ්‍යතා සපුරා ගැනීමයි. එහිදී බහුතර සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රායෝගික අවශ්‍යතා සහ දිගුකාලීන සංවර්ධනය නොසලකා හැරෙන අතර, ලෝක සාමය හා සංවර්ධනය කෙරෙහි බරපතල ඍණාත්මක බලපෑමක් ඇති කරන බව ද එම වාර්තාව අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240724බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම