තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කරන බව ජනපති කියයි
2024-04-19 17:16:00
Share with:

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බොහෝ දෙනා අසීරු බව පැවසූ රට යළි ගොඩනැගීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළ දී බිඳවැටුණු ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන ආ බවත්, රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමූහිකත්වය පමණක් බවත් ජනාධිපතිවරයා කියාසිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමග ඊයේ (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී ය. 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ ආසන නියෝජනය කරන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපාලන නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ. තරුණ ජනතා නියෝජිතයෝ රටේ සංවර්ධන වැඩපිළිවෙළට අදාළව සිය යෝජනා ද ඉදිරිපත් කළහ. 

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමි වන්නේ නම් එය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම