ඉන්දියාවේ මහ මැතිවරණයේ පළමු අදියර සඳහා ඡන්ද විමසීම ඇරඹේ
2024-04-19 10:58:48
Share with:

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අද(19) ආරම්භ විය. එම මැතිවරණය අදියර හතකින් යුක්තව ජූනි 1 දක්වා පැවැත්වේ.

ඡන්ද විමසීම දේශීය වේලාවෙන් සවස 6.00 දක්වා සිදු කෙරෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව තම හැඳුනුම්පත් රැගෙන පෝලිම්වල රැඳී සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද කාලසටහනට අනුව, මැතිවරණයේ ඉදිරි අදියර අප්‍රේල් 26, මැයි 7,  13, 20, 25 සහ ජුනි 1 දක්වා අදියර හතකින් පැවැත්වෙනු ඇත. ඡන්ද ගණන් කිරීම ජුනි 4 වැනිදා සිදු කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම