විදේශ ව්‍යවසායන්ට චීන වෙළඳපොළ කෙරේ ඉහළ අවධානයක්
2024-04-19 15:10:46
Share with:

Hainan පළාතේ Haikou නගරයේ දී ඊයේ (18) නිමාවට පත්වූ 4 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ජාත්‍යන්තරකරණය අතින් ඉහළ මට්ටමක් සහතික කර තිබීම කැපීපෙනුණු කරුණකි. රටවල් හා කලාප 71 කින් පැමිණි සන්නාම 4000 කට වැඩි සංඛ්‍යාවක් එහිදී ප්‍රදර්ශනය කෙරිණ. විදේශ ව්‍යවසායන් හා සන්නාම සංඛ්‍යාව පෙර වසරේ පැවති අගයට වඩා ඉහළ ගොස් තිබේ. නව නිපැයුම් 1462 ක් පමණ එහිදී එළිදැක්වුණු අතර, දෙස්-විදෙස් සන්නාම 84 ක ප්‍රථම ප්‍රදර්ශනය එහි දී සිදුකිරීම ද විශේෂත්වයකි. බ්‍රිතාන්‍යය, මොංගෝලියාව සහ මැලේසියාව මෙම ප්‍රදර්ශනයට එක්වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

වෙළඳපොළ යනු දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අත්‍යවශ්‍ය සම්පතකි. චීනයේ පවතින සුපිරි, විශාල පරිමාණයකින් යුත් වෙළඳපොළ විදෙස් ව්‍යවසායන් විසින් හඳුන්වනු ලබන්නේ ඉහළ ආදායමක් තහවුරු කරන මධ්‍යස්ථානයක් ලෙස යි. නව කොරොනා වසංගත පීඩාවෙන් මිදී ආර්ථික ප්‍රකෘතිමත්භාවය අත්පත් කරගනිමින් සිටින වර්තමාන චීනය සිය පරිභෝජනය තව තවත් පුළුල් කරමින් සිටී. වසරේ පළමුවැනි කාර්තුවේ චීනයේ පරිභෝජනය, රටේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධනයට දැක්වූ දායකත්ව අනුපාතය 73.7% ක් ලෙස වාර්තා වී තිබීමෙන් මේ බව සනාථ වෙයි.

එසේ ම, චීන වෙළඳපොළ තිරසර නවෝත්පාදනය සඳහා වන ගාමක බලයක් තමන්ට හිමි කර දෙන බව විදේශ ව්‍යවසායයන් පෙන්වා දී තිබේ. මෙවර ප්‍රදර්ශනයේ දී නිකුත් කෙරුණු නව නිපැයුම් චීන තාක්ෂණය මුසු ඒවා වීම ද කැපීපෙනේ. මෙම ප්‍රදර්ශනයට එක් වූ බොහෝ ව්‍යවසායකයන් කියාසිටියේ, චීන වෙළඳපොළ සිය සන්නාම සඳහා වන නවෝත්පාදන එන්ජිමක් ලෙස සලකන බවයි. එසේම, තාක්ෂණික අංශයෙන් එහිදී ලබාගන්නා නැවුම් අත්දැකීම් ගෝලීය වශයෙන් ප්‍රචලිත කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

මීට අමතරව, චීනයේ විවෘතභාවය හා ඉහළ ගුණාත්මක ව්‍යාපාරික පරිසරය විදේශ ව්‍යවසායන්ට මනා පිටුබලයක් සපයා ඇත. පසුගිය පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක ‘රටවල් 59 ක පුද්ගලයන්ට වීසා බලපත්වලින් තොරව Hainan පළාතට පිවිසීම පුළුල් කිරීම’ පිළිබඳ ප්‍රතිපත්තිය හේතුවෙන්, ප්‍රදර්ශනයට එක්වූ පිරිස එහි පැමිණියේ ඉතා පහසුවෙනි. මෙය, චීනයේ ගුණාත්මක විවෘතභාවය මැනැවින් තහවුරු කෙරුණු අවස්ථාවකි. මෙවැනි තත්ත්වයන් නිසාම, චීනයේ සිය ව්‍යාපාර වැඩිදියුණු කිරීම පිළිබඳව විදේශ ව්‍යවසායන් සතු විශ්වසනීයත්වය තවදුරටත් පුළුල් වන බව ද කිව යුතුම ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම