ණය තිරසරභාවය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය
2024-04-19 17:47:18
Share with:

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.   

වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයට සමගාමීව පැවති සම්මුඛ සාකච්ඡාවකට ඊයේ (18) එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය. 

ප්‍රතිසංස්කරණ වැඩසටහන දියත් කිරීමත් සමග බදු ආදායම ඉහළ නංවා ගැනීමට රජය පියවර ගත් බව ඔහු එහිදී පෙන්වා දී තිබේ. 2023 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක් දක්වා රජයේ ආදායම ඉහළ ගොස් ඇති බවත්, එය සමස්ත ආදායමෙන් 8.1% ක අගයක් බවත් සේමසිංහ මහතා කියාසිටී. 2024  වසරේ එම අගය 12% ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිත බව ද හෙතෙම පැවසීය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම