ඇමරිකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක්
2024-04-18 09:49:43
Share with:

ඇමරිකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 16 වැනිදා නිකුත් කළ වාර්ෂික "ලෝක ආර්ථික ඉදිරි දැක්ම" වාර්තාව මගින් ඒ බව දැක්වේ. එරට මූල්‍ය ප්‍රතිපත්ති තිරසර නොවන බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

ඇමරිකා රජයේ අධික වියදම් හේතුවෙන් විශාල අයවැය හිඟයකට මුහුණදීමට සිදුව ඇත. එය කෙටි කාලීනව උද්ධමනය අඩු කිරීමට හිතකර නොවන අතර, දිගු කාලීනව ගෝලීය මූල්‍යකරණයේ පිරිවැය වැඩිවීමට හා ගෝලීය මූල්‍ය ස්ථායිතාව හානි කිරීමට හේතුවන බව එම වාර්තාවේ දැක්වේ.

පසුගිය සතියේ පැවති ඇමරිකානු කොංග්‍රසයේ ඒකාබද්ධ ආර්ථික කමිටුවේදී ඉදිරිපත් වූ, රටේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ද ඇමරිකානු විශේෂඥයෝ සැක පළ කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම