ගාසා තීරයේ තරුණයින්ට යළි සාමය ගෙන දීමට උපකාර කිරීම ආරක්ෂක මණ්ඩලයේ වගකීමක් බව චීනය කියයි
2024-04-18 11:08:52
Share with:

අනාගත පරපුර යුද්ධයෙන් ඈත්ව තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුල් අභිප්‍රාය වන අතර ගාසා තීරයේ තරුණයින්ට සාමය යළි ගෙනදීමට උපකාර කිරීම ආරක්ෂක මණ්ඩලයේ වගකීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි.හෙතෙම ඊ‍යේ ( 17) මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක මණ්ඩලයේ "මධ්‍යධරණී ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා තරුණයින්ගේ කාර්යභාරය" යන තේමාවෙන් යුතුව පැවති මහජන රැස්වීමේදී ය. ගාසා තීරයේ අවහිර කිරීම් ඉවත් කිරීම ප්‍රවර්ධනය, මානුෂීය සහනාධාර ප්‍රවේශය පුළුල් කිරීම සහ මානව මූලික පැවැත්ම සහතික කිරීමට ඉඩ සැලසිය යුතු බව Fu Cong මහතා එහිදී පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීමට සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා ලබාදෙන සහයෝගය වැඩි කරන ලෙසටද  චීනය සංවර්ධිත රටවලින් ඉල්ලා  ඇතැයි ඔහු කියා සිටියේය.

ශිෂ්ටාචාර අතර සංවාදය ශක්තිමත් කිරීමට සහ පොදු අභියෝගවලට මුහුණ දීමට එක්ව කටයුතු කිරීමට චීනය මධ්‍යධරණී රටවලට සහාය ලබා  දෙන බව Fu Cong මහතා සඳහන් කළේ ය. ඊට අදාළව වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට තමා මධ්‍යධරණී රටවල තරුණ තරුණියන් දිරිමත් කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම