Shenzhou 16 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන්ට චීන රජයෙන් ගරු බුහුමන්
2024-04-18 19:01:48
Share with:

චීනයේ Shenzhou 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමීන්ට චීන රජය සම්මාන පිරිනමයි.

පසුගිය වසරේ මැයි මාසයේ 30 වැනිදා, Shenzhou 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථකව ගුවන්ගත කෙරිණ. Jing Haipeng, Zhu Yangzhu සහ Gui Haichao යන ගගනගාමීන් තිදෙනා එම යානයේ සිට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Tianhe නමැති ප්‍රධාන මොඩියුලයට සාර්ථක ව ඇතුළු වීමට සමත් වූහ. එහි මාස 5ක් රැඳී සිටි ඔවුහු සැලසුම් කළ සියලු කාර්යයන් සාර්ථකව නිම කළහ.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ කර්මාන්තයේ කැපීපෙනෙන ජයග්‍රහණයක් උදෙසා කළ මෙම කැපකිරීම අගය කරමින් ගගනගාමී Jing Haipeng මහතාට "උසස් මට්ටමේ අභ්‍යවකාශ කුසලතා පදක්කම" පිරිනමනු ලැබීය. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, රාජ්‍ය මණ්ඩලය හා මධ්‍යම හමුදා කොමිසමේ තීරණය අනුව යි.

එසේම Zhu Yangzhu සහ Gui Haichao යන මහත්වරුන්ගේ මෙහෙවර පසසමින් "වීර ගගනගාමී"  ගෞරව නාමය සහ "තුන්වැනි මට්ටමේ අභ්‍යවකාශ කුසලතා පදක්කම" පිරිනැමිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම