මෙරට ලෝක උරුම බවට පත් කළ යුතු ස්ථාන පෙළක් හඳුනාගැනේ
2024-04-18 17:34:25
Share with:

මෙරට ලෝක උරුම බවට පත් කළ යුතු ස්ථාන පෙළක් හඳුනාගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසයි. ඒ සඳහා පත්කෙරුණු කමිටුව අදාළ නිර්දේශ ලබා දී ඇත. රණසිංහ මහතා මේ බව කියාසිටියේ  අදට (18) යෙදී ඇති ජාත්‍යන්තර ලෝක උරුම දිනය නිමිත්තෙන් අදහස් දක්වමිනි.

රිටිගල, අරන්කැලේ, මානාකන්ද බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, මිහින්තලය, පුරාණ කතෝලික දේවස්ථාන, නූතන යුගයේ ඝර්ම කලාපීය වාස්තු විද්‍යාව, 19 වැනි සියවසේ අග භාගයේ බිතුසිතුවම් සහිත ස්ථාන, වාරි කර්මාන්ත පද්ධතිය, තේ වතු භූ දර්ශන, පැරණි සමුද්‍රාසන්න මධ්‍යස්ථාන, මහායාන ආභාසය සහිත ආරාම සංකීර්ණ සහ  ප්‍රාග් ඓතිහාසික ගුහා මෙරට ලෝක උරුම බවට පත් කළ යුතු ස්ථාන ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.

මින් ඇතැම් තැන් යුනෙස්කෝවේ ලෝක උරුම තාවකාලික නාමකරණ ලැයිස්තුවට මේ වනවිට ඉදිරිපත් කර ඇත. එසේම, සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, ගාලු කොටුව, සහ මහනුවර මෙරට සංස්කෘතික ලෝක උරුමයන් ලෙස නම් කරනු ලැබ තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම