ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයේ චීනයට ‍එරෙහි අංක 301 වගන්ති විමර්ෂණය සම්බන්ධයෙන් චීනයේ විරෝධය
2024-04-18 09:27:06
Share with:

චීනයට එරෙහිව ඇමරිකාව අංක 301 වගන්ති විමර්ෂණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීන වාණිජ්‍ය අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි. 

චීන මුහුදු කටයුතු , භාණ්ඩ ප්‍රවාහන හා නෞකා නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය අංක 301 වගන්ති විමර්ෂණය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන චීනය ඊට ස්ථිර විරෝධය දක්වන බව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය. 

ඇමරිකාවේ ඉල්ලීම් ලේඛනයේ අසත්‍ය චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙන අතර සාමාන්‍ය වෙළඳ ආයෝජන ක්‍රියාවන් ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂාව හා ව්‍යාවසායන්ගේ ප්‍රතිලාභයන්ට හානි සිදු වන ක්‍රියාවන් ලෙසට ඇමරිකාව වැරදි ලෙස අවබෝධ කර ගෙන සිටී.සිය රටේ කර්මාන්තවල පවතින ගැටළු චීනයට පැවරීම සාධාරණ ක්‍රියාවක් නොවන බවද හෙතෙම සඳහන් කළේය. චීන කාර්මාන්ත සංවර්ධනය ව්‍යාවසායන්හී තාක්ෂණ නවොත්පාදනය හා වෙළඳ තරඟවලට සක්‍රිය ව එක්වීම මත සිදුවූවකි.ඒ හේතුවෙන් ඇමරිකාවේ නගන චෝදනා පිළිගත නොහැක. 

සත්‍ය හා බහුපාර්ශ්වික රේගුලාසි අගය කර වැරදි ක්‍රියා වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.අදාළ විමර්ෂණ පැවැත්වීමේ ක්‍රියාදාමය කෙරෙහි සමීප ව අවධානය යොමු කරමින් සියළු අත්‍යවශ්‍ය පියවර යොදා ගෙන සිය අයිතිවාසිකම් දැඩි ලෙස සුරක්ෂිත කරනු ඇතැයිද චීන වාණිජ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසීය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම