තම ඒකපාර්ශ්වික වාසි වෙනුවෙන් ඇමරිකාව ආසියා ශාන්තිකර කලාපයේ මධ්‍යම දුර මිසයිල යෙදවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2024-04-18 18:56:49
Share with:

ඇමරිකාව, පිලිපීනයේ Luzon දූපතේ මධ්‍යම දුර මිසයිල දියත් කිරීමේ පද්ධතියක් යෙදවීම සම්බන්ධයෙන් චීනය දැඩි කණස්සල්ල පළ කරයි. පිලිපීන හමුදාව සමඟ පවතින ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල කොටසක් ලෙස මෙය ක්‍රියාවට නංවන බව ඇමරිකානු පැසිෆික් හමුදාව පසුගිය දා ප්‍රකාශ කර තිබිණ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියාසිටියේ, ඒකපාර්ශ්වික හමුදාමය වාසි අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාව ආසියා ශාන්තිකර කලාපයේ මධ්‍යම දුර මිසයිල යෙදවීම සම්බන්ධයෙන් චීනය දැඩි වි‍රෝධය පළ කරන බවයි. ඇමරිකාව චීනයේ දොරටුව අබියස සිය හමුදා යෙදවුම් ශක්තිමත් කිරීමේ මෙම පියවර කලාපීය ආතතිය උග්‍ර කරනු ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි. මෙම ඇමරිකානු පියවරේ සැබෑ අරමුණ සහ අදාළ බරපතල ප්‍රතිවිපාක පිලිපීනය පැහැදිලිව තේරුම් ගත යුතුය. පිලිපීනය තම ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකාවේ රූකඩයක් බවට පත් නොවිය යුතු බවත්, තවදුරටත් වැරදි මාර්ගයේ නොයා යුතු බවත් Lin Jian මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම