චීන හා ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
2024-04-18 19:51:38
Share with:

ඉන්දුනීසියානු සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වං යී මහතා, එරට විදේශ අමාත්‍ය Retno Marsudi මහත්මිය සමග මාධ්‍ය හමුවකට එක්වෙයි. ඒ, අද (18) ජකර්තා නුවර දී ඔවුන් සහභාගි වූ සාකච්ඡාවෙන් පසුව යි.

Retno Marsudi මහත්මිය සමග පැවැත්වූ සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය පුළුල් අන්දමින් අදහස් හුවමාරු කර, ‍එකඟතා රැසකට පැමිණි බව වං යී මහතා එහිදී කියාසිටියේ ය. ගෙවුණු දශකයේ චීන-ඉන්දුනීසියානු සම්බන්ධතා ඓතිහාසික වර්ධන අදියරකට ප්‍රවේශ වී ඇත. චීනය හා ඉන්දුනීසියාව විවෘතභාවය, පොදු ජයග්‍රහණ හා සහයෝගිතාව පදනම් කර ගත් හවුල්කරුවන් වන අතරම, සංවර්ධනය වෙමින් පවතින රටවල නවීකරණයේ එන්ජිමක් ලෙස ක්‍රියා කළ හැකි බව වං යී මහතා පෙන්වා දෙයි. එමෙන් ම චීනය හා ඉන්දුනීසියාවට සෙසු රටවල් සඳහා අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගයෙන් යුත් ආදර්ශයක් සැපයිය හැකි ය. ලබන වසරේ චීන-ඉන්දුනීසියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර වසර 75 ක් සපිරේ. එම සුවිශේෂී සංවත්සරය නිමිති කර ගනිමින් ඉන්දුනීසියාව සමග එක්ව කලාපීය හා ගෝලීය බලපෑමක් සහිත ද්විපාර්ශ්වික පොදු හවුලක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ද චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

 

 

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම