ඉලක්කගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක් විය යුතු බව අගමැති කියයි
2024-04-18 17:30:27
Share with:

ඉදිරි කාලයේ ඉලක්කගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් අධිෂ්ඨානශීලීව එක් විය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති දුෂ්කර තත්ත්වයෙන් මිදීමට රාජ්‍ය නිලධාරීන් කළ කැපකිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කළ අගමැතිවරයා, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව එහිදී පැවසීය. රජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ජනතාව තුළ විශ්වාසය තහවුරු කරමින්, ජන ජීවිතයේ සාධනීය වෙනසක් උදෙසා කැප විය යුතු බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. ජනතාවගේ සතුට රජයේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සාර්ථකත්වය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම