135 වන කැන්ටන් ආනයන හා අපනයන ප්‍රදර්ශනයට සහභාගීවන විදේශ ගැණුම්කරුවන් හා චීන අගමැතිවරයා අතර හමුවක්
2024-04-18 09:30:12
Share with:

චීනයේ ග්වන්චෝ හිදී පැවැත්වෙන 135 වන කැන්ටන් ආනයන හා අපනයන ප්‍රදර්ශනයට සහභාගීවන විදේශ ගැණුම්කරුවන්ගේ හමුවකට චීන අගමැති ලී චියන් මහතා එක්වෙයි. ප්‍රදර්ශනය හරහා චීනය සමග සබඳතා ශක්තිමත් කර ගැනීමේ දී තමන් ලද අත්දැකීම් විදේශ  ගැණුම්කරුවෝ එහිදී විස්තර කළහ.

චීනය සහ සෙසු රටවල් අතර හුවමාරු හා මිත්‍ර සබඳතා වර්ධනයට කැන්ටන් ප්‍රදර්ශනය වැදගත් මෙහෙවරක් ඉටු කළ බව ඔවුහු සදහන් කළහ. චීන ආර්ථික සංවර්ධනයේ අපේක්ෂාවන් කෙරෙහි තමන් පූර්ණ විශ්වාසයකින් පසුවන බව එම නියෝජිතයෝ පැවසූහ. චීනය සමග ව්‍යාපාර අඛණ්ඩව වර්ධනය කිරීමට කැන්ටන් ප්‍රදර්ශනය වේදිකාවක් බවට පත්කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

එහිදී අදහස් දැක්වූ චීන අගමැතිවරයා එම වෙළඳ නියෝජිතයන් දිගු කලක් පුරා කැන්ටන් ප්‍රදර්ශනයට සක්‍රීය ලෙස සහභාගීවීම මෙන්ම චීනය සමග ශක්තිමත් ආර්ථික හා වෙළඳ සහයෝගතාවක් පවත්වා ගැනීම අගය කළේය. කැන්ටන් ප්‍රදර්ශනය හරහා බොහෝ විදේශ ව්‍යවසායකයන් චීනය සමල සබඳතා ගොඩනගා ගෙන ඇතැයි ද චීන අගමැතිවරයා පැවසීය. චීනය තවදුරටත් ලෝකයට විවෘතවන බව පැවසූ හෙතෙම වෙළඳ හා ආයෝජන නිදහස්කරණය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම