ජාත්‍යන්තර නීතිය හා අදාළ රෙගුලාසි පිළිපැදීම අතින් ඇමරිකාවට විශේෂ වරප්‍රසාද හිමි නොවන බව චීනය කියයි
2024-04-18 18:13:18
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා  ඉන්දුනීසියානු විදේශ ඇමතිනි Retno Marsudi මහත්මිය හමුවෙයි.  එම හමුව ජකර්තා නුවර දී අද (18) පැවැත්විණ.

ඉන් අනතුරුව වං යී මහතා මාධ්‍ය හමුවකට එක් වූ අතර එහිදී  පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බවට අදහස් පළවිය. මීට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ ජගත් ප්‍රජාවේ ඉල්ලීම්වලට සවන් දෙන ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කෙටුම්පත අඛණ්ඩව විමර්ශනය කරමින් සිටින බවයි. එහෙත් ඊට අදාළව ඉදිරිපත් කෙරුණු කෙටුම්පත් රැසක් ඇමරිකාව සම්පූර්ණයෙන්ම නිෂේධ කළ බව ද හෙතෙම පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් ලෙස ඇමරිකාව එම රෙගුලාසි සහ ජාත්‍යන්තර නීතිය පිළිපැදිය යුතු බව චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. එහිදී ඇමරිකාවට විශේෂ වරප්‍රසාද හිමි‍ නොවේ. සෙසු සාමාජික රටවල් සමග ජාත්‍යන්තර වගකීම භාර ගනිමින් පලස්තීන ජනතාව බේරා ගැනීමට ඇමරිකාව ක්‍රියා කරනු ඇතැයි ද වං යී මහතා අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම