පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු බවට පත්වීමට චීනයේ සහාය
2024-04-18 11:26:43
Share with:

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු බවට පත්වීමට චීනය සහාය දක්වන බව චීන විදේශ ඇමති වං යී මහතා පවසයි. හෙතෙම අද(18) ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී එරට විදේශ ඇමති Retno Lestari Priansari Marsudi මහත්මිය සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී මේ බව පැවසීය.

ඊශ්‍රායල-පලස්තීන ගැටුම මානුෂීය ව්‍යසනයක් ඇති කර තිබේ. තත්ත්වය උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා කොන්දේසි විරහිත සටන් විරාමයක් වහාම සාක්ෂාත් කර ගත යුතු අතර මානුෂීය ගලවා ගැනීමේ යාන්ත්‍රණයක් හැකි ඉක්මනින් ස්ථාපනය කළ යුතු බව වං යී මහතා එහිදී පෙන්වා දී තිබේ. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු බවට පත්වීමට චීනය සහාය දක්වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම