චීනයේ 5ජී භාවිත කරන්නන්ගේ අනුපාතය ඉහළට
2024-04-18 14:48:08
Share with:

චීනයේ 5ජී භාවිත කරන්නන් ගේ අනුපාතයේ ඉහළ යාමක් පෙන්නුම් කරයි. මේ වනවිට, 5ජී පදනම් 36ලක්ෂ 47දහසක් ‍ඉදි කර ඇති අතර 5ජී භාවිත කරන්නන්ගේ අනුපාතය 60% ඉක්මවා ගොස් තිබේ.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද(18) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් කාර්මික හා තොරතුරු පිළිබඳ උප අමාත්‍ය Shan Zhongde මහතා මේ බව පැවසීය. මෙම වසරේ පළමු කාර්තුවේ කාර්මික ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනයක් ‍පෙන්නුම් කර ඇත. එමගින් ගුණාත්මක සංවර්ධනයේදී ප්‍රශස්ත ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවී  ඇතැයි ඔහු සඳහන් කළේය.

මේ අනුව, කාර්මික ආර්ථිකය ස්ථාවර තත්ත්වයේ පවතින අතර නවාකාරයේ කාර්මිකකරණය ඉදිරියට ගෙන යාම කඩිනම් කර තිබේ. තොරතුරු සංනිවේදන කර්මාන්ත‍ය සාධනීය වර්ධනයක් අත්කර ගෙන ඇති අතර ගිගාබිට් නගර සංඛ්‍යාව 207කට ළඟා වීම ද විශේෂත්වයකි. එසේ ම, ගෙවීගිය කාර්තුවේ චීනයේ ව්‍යාපාරික පරිසරය ද අඛණ්ඩ ව යහපත් වී ඇති බව කාර්මික හා තොරතුරු පිළිබඳ උප අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම