එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකයෙකු වීමට පලස්තීනය ඉදිරිපත් කර ඇති අයදුම්පත සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සූදානමක්
2024-04-18 09:17:32
Share with:

එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකයෙකු වීමට පලස්තීනය ඉදිරිපත් කර ඇති අයදුම්පත සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ආරක්ෂක මණ්ඩලය අද (18) පස්වරුවේ අපේක්ෂා කරයි. අරාබි රටවල දැඩි ඉල්ලීම මත මෙය සිදු කෙරේ.

ඊ‍යේ (17) පළවූ වාර්තාවන්ට අනුව පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත්වීම සම්බන්ධයෙන් හෙට(19) ආරක්ෂක මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, විවිධ පාර්ශ්වවල මතභේද හේතුවෙන් යෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථා ගනණාවකදී වෙනස් විය. අරාබි රටවල් 18වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන අතර, ඡන්දයට වැඩි අවධානයක් යොමු නොකරනු ඇතැයි යන සැකය මත එය 19වැනිදා පැවැත්වීමට යම් රටක් බලාපොරොත්තු වන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම