මහ බැංකු අධිපති ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවකට එක්වෙයි
2024-04-18 17:29:31
Share with:

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) සහ තිරසර බැංකු හා මූල්‍ය ජාලයේ (Sustainable Banking and Financing Network - SBFN) ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග වටමේස සාකච්ඡාවකට එක්වෙයි. එය ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ දී 16 වැනිදා පැවැත්විණ.

විවිධ අභියෝග මධ්‍යයේ තිරසර මූල්‍යකරණ මුලපිරුම ඉදිරියට ගෙන යාමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මහ බැංකු අධිපතිවරයා විසින් එහිදී විග්‍රහ කෙරිණ.

තිරසර මූල්‍ය ප්‍රවර්ධනය, ඉහළ ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත හරිත හා පරිපූර්ණ ආර්ථික ක්‍රමවේදයක් වෙත සංක්‍රමණය වීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා තිරසර බැංකු හා මූල්‍ය ජාලය වෙත සිය කෘතඥතාව පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම