චීන ආර්ථිකය මේ වසරේ ස්ථිර ලෙස ප්‍රවර්ධනය වනු ඇති බවට ජාත්‍යන්තර පිළිගැනීමක්
2024-04-17 10:14:10
Share with:

මේ වසරේ චීන ආර්ථික සංවර්ධන වේගය අපේක්ෂිත ඉලක්කයට ළඟා වනු ඇතැයි තමා විශ්වාස කරන බව චීනයේ අයර්ලන්ත තානාපති කාර්යාලයේ වෙළඳ කොන්සල් Joseph Keating මහතා පැවසීය. පසුගිය දා චීනයේ හැයිනන් පළාතේ 4 වන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයට එක් වෙමින් හෙතෙම මේ පිළිබඳව සඳහන් කර තිබේ.

මෙවර එම ප්‍රදර්ශනයට ලෝකයේ රටවල් හා ප්‍රදේශ 71කින් භාණ්ඩ සන්නාම 4000ක් පමණ ඉදිරිපත් කර තිබිණ. ප්‍රදර්ශනය ලෝකයේ ඉහළ අවධානයට ලක්වීම, චීන ආර්ථික පුනරුත්ථාපනයේ විචිත්‍ර පිළිබිඹුවකි. එමෙන්ම එය ඊයේ (16) චීන රජය විසින් නිතුක් කරන ලද දත්තවලින් තවදුරටත් තහවුරු වී තිබේ. මේ වසරේ පළමු කාර්තුවේ චීන ආර්ථීකය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 5.3කින් වැඩි වූ බවට එහිදී ප්‍රකාශ කෙරිණ.

චීන ආර්ථිකයේ සැබෑ තත්ත්වය දෘෂ්ටිකෝණ තුනකින් නිරීක්ෂණය කළ හැකිය. පළමුවැන්න පරිභෝජනයයි. එය චීන ආර්ථිකයේ කැපී පෙනෙන අංගයක් වන අතර වෙළඳපොලේ සැඟවුණු හැකියාව විශාල බව පෙන්නුම් කරයි. දෙවැන්න, නව ගුණාත්මක ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සාම්ප්‍රදායික ආර්ථික වර්ධන ක්‍රම හා වෙනස් වන අතර එය අධි තාක්ෂණය, අධි ඵලදායිතාව හා අධි ගුණාත්මකභාවය යන ලක්ෂණයන්ගෙන් සමන්විතය. තුන්වැන්න, ආර්ථීක සංවර්ධනය සඳහා පවතින ඉදිරිදැක්ම හා දිශාව ඉතා වැදගත් වේ. ගත වූ පළමු කාර්තුවෙන් චීන ආර්ථීකය පුනරුත්ථාපනය වෙමින් යහපත් දිශාව කරා ඉදිරියට යන බවට පොදු පිළිගැනීම වී තිබේ. 

චීන ආර්ථිකය ප්‍රබල ශක්තියකින් පළමු කාර්තුව ගත කර ඇති බව ඇමරිකානු CNBC වෙබ් අඩවියේ පසුගිය දා නිකුත් කළ  සමීක්ෂණ වාර්තාවෙන් හෙළි කර ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ කුලපති Masatsugu Asakawa මහතා ප්‍රකාශ කළේ සක්‍රිය මුල්‍ය ප්‍රතිපත්ති හා ස්ථිර මුදල් ප්‍රතිපත්ති හේතුවෙන්, චීන ආර්ථිකය මේ වසරේ ස්ථිර ලෙස ප්‍රවර්ධනය වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම