සියළු පාර්ශ්වයන් සමග එක්ව ඩිජිටල් සේද මාවත ඉදි කිරීමට චීනය අපේක්ෂා කරයි
2024-04-17 10:36:03
Share with:

ඩිජිටල් සේද මාවත ඉදිකිරීම ප්‍රවර්ධනයට සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනයේ ලාභාංශ බෙදා ගැනීමට සියළු පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටී.

ලෝක අන්තර්ජාල සමුළුවේ ඩිජිටල් සේද මාවත සංවර්ධන සංසදයේ සමාරම්භක උත්සවය අමතමින් චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ උප සභාපති වැන්ග් යොන්ග් මහතා ඊයේ(16) Xi'an හි දී මේ බව ප්‍රකාශ කළේය.

හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැඟීම නව අදියරයකට ගෙන ඒම සඳහා ඩිජිටල් නවෝත්පාදනය සඳහා සහයෝගතාව ගැඹුරු කිරීමට චීනය අපේක්ෂා කරයි. ඩිජිටල් සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමට මෙන්ම ඩිජිටල් පාලන නීති රීති මාලාවක් නිර්මාණය කිරීමට සියළු පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද වැන්ග් යොන්ග් මහතා පැවසීය.

මෙම සංසදය මගින් “එක් තීරයක් එක් මාවතක්” උසස් තත්ත්වයේ සංවර්ධනයට නව ජවයක් එන්නත් කිරීමටත්, ජාත්‍යන්තර ආර්ථික සහයෝගතාව සඳහා නව වේදිකාවක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

ලොව පුරා රටවල් 50කට ආසන්න සංඛ්‍යාවකින් සහ කලාපවලින් සහභාගීවන්නන් ආකර්ශනය කර ගත් මෙම සංසදය "සම්බන්ධතාවය සහ හවුල් සෞභාග්‍යය" යන තේමාවෙන් යුතුව පැවැත්විණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම