ඉරානයේ හිමිකාරිත්වයට තවදුරටත් හානි කළහොත් ප්‍රබල ප්‍රතිචාරයක් ලැබෙනු ඇත-ඉරාන ජනපති
2024-04-17 11:30:13
Share with:

ඉරානයේ අවශ්‍යතාවලට තවදුරටත් හානි කරන ඕනෑම ක්‍රියාවකට වඩාත් ප්‍රබල සහ විශාල ප්‍රමාණයෙන් ප්‍රතිචාර ලැබෙනු ඇති බව ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා කියා සිටී.

ඊයේ(16) රුසියානු ජනාධිපති Vladimir Putin මහතා සමඟ දුරකථන සාකච්ඡාවකට එක් වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළ බව ඉරාන ජනාධිපති මන්දිරය නිවේදනය කර තිබේ.

සිරියාවේ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය “රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය” ඇතුළු ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත්, එය ගෝලීය සාමයට බරපතළ තර්ජනයක් බවත් Raisi මහතා ප්‍රකාශ කළේ ය. ඉරානයේ ප්‍රතිප්‍රහාරය “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ”  51 වැනි වගන්තියට අනුව ක්‍රියාත්මක වූ අතර එය ආත්මාරක්ෂක පියවරක් වන බව ඔහු පැවසීය.

ඊට පිළිතුරු දුන් Putin මහතා මැදපෙරදිග ආතතීන් තීව්‍ර කිරීමේ ඇමරිකාවේ සහ ඇතැම් බටහිර රටවල ක්‍රියාමාර්ග විවේචනය කර ඇත. ඉරානය මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා සහාය දක්වන ප්‍රධාන රටක් බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම