ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ නංවයි
2024-04-17 09:44:24
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ(16) නිකුත් කළ“ලෝක ආර්ථික දැක්ම වාර්තාව”මගින් 2024 වසරේ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව 3.2% දක්වා ඉහළ නංවා තිබේ. එම අනුපාතය ඉකුත් ජනවාරි මාසයේ පුරෝකථනයට වඩා 0.1%කින් වර්ධනය වනු ඇත.

2022 වසරේ මැද භාගයේදී ගෝලීය උද්ධමනය එහි උච්චතම අවස්ථාවේ සිට පහත වැටීමත් සමඟම ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව එම වාර්තාව සඳහන් කළේය. එසේම ගෝලීය සමස්ත උද්ධමන අනුපාතය 2023 දී 6.8% සිට 2024 දී 5.9% දක්වා පහත වැටෙනු ඇති අතර 2025 දී 4.5% දක්වා තවදුරටත් පහත වැටෙනු ඇති බව එම වාර්තාවෙන් අපේක්ෂා කෙරේ.

තවමත් ඉහළ ම‍ට්ටමේ ණය ගැනීම් පිරිවැය සහ මූල්‍ය ආධාර අඩුවීම වැනි ආසන්න කාලීන සාධක මෙන්ම කො‍රොනා වසංගතය හා යුක්රේන අර්බුදය උග්‍රවීමෙන් ඇති වූ දිගු කාලීන බලපෑම, ලෝක ආර්ථික වර්ධනය දුර්වලව පැවතීමට හේතු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම