චීන-ඇමරිකා ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායම සිව්වන රැස්වීම පවත්වයි
2024-04-17 16:29:59
Share with:

චීන උප මුදල් අමාත්‍ය Liao Min මහතා ඊයේ(16) ඇමරිකානු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා සමඟ, චීන-ඇමරිකානු ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වන රැස්වීමේ සම සභාපතිත්වය දැරීය. Liao Min මහතා ඊයේ(16) වොෂින්ටන් හි පැවති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත කාලීන රැස්වීම්වලට සහභාගීවන අතරතුර එය සිදුවිය.

දෙපාර්ශ්වයේ ප්‍රධානීන් අතර එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම, ගෝලීය සහ චීන-ඇමරිකා සාර්ව ආර්ථික තත්ත්වය සහ සමතුලිත වර්ධනය පිළිබඳව මෙන්ම, මීළඟ පියවරේ සන්නිවේදන විධිවිධාන පිළිබඳව, දෙපාර්ශ්වය ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ. එමෙන්ම ඇමරිකාව චීනයට පනවා ඇති ආර්ථික සහ වෙළඳ සීමාවන් පිළිබඳව චීනය කනස්සල්ල පළ කර තිබේ.

රැස්වීමෙන් පසු, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මිය හා චීන නියෝජිත කණ්ඩායම අතර හමුවක් ද සිදුවිය.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම