තිරසර සංවර්ධන ඉලක්ක වෙත සාර්ථකව ගමන් කරන චීනය
2024-04-17 09:40:00
Share with:

චීනය විසින් පුරෝකථනය කරන ලද ආර්ථික සංවර්ධනය කරා යන ගමන් මග 2024 වසරේ මුල් කාර්තුවේ දීම පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාවේ අධ්‍යක්ෂ සංජය ඉන්ද්‍රකුමාර මහතා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව චීනය මුල් කාර්තුවේ දී 5.3% ක වර්ධනයක් අත් කරගෙන ඇති බව දත්ත වාර්තා කර ඇත. එමඟින් රට තුළ කෘෂිකාර්මික සහ කාර්මික වර්ධනයේ ජයග්‍රහණ පෙන්නුම් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

අපනයනය වෙනුවෙන් ඉදිරි පෙළේ සිටින චීනය අන් රටවලට ශක්තියක් වෙමින් භාණ්ඩ ආනයනය ද ඉහළ මට්ටමින් පවත්වා ගනිමින් සිටී. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඉහළම ශක්තිය ලබා දෙන රට වන්නේ චීනයයි. එම ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමට පොදුවේ සංවර්ධනය උදෙසා සිය අනන්‍යතාවයෙන් ඉලක්කයන් වෙත ගමන් කිරීමට චීනය අනුබලය සපයන බවද සංජය ඉන්ද්‍රකුමාර මහතා පැවසීය.

රට තුළ වාර්ෂිකව වැඩිම වෙළඳ ප්‍රදර්ශන ප්‍රමාණයක් සංවිධානය කරන රට වන්නේ ද චීනය වේ. මේ හරහා කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් ආනයන, අපනයන අවස්ථා හා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට චීනය සක්‍රීය දායකත්වයක් සපයයි. ජාතික ආර්ථිකයේ ධනාත්මක වර්ධනයත් සමග වාර්ෂික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මනා පදනමක් සකසා ඇති අතර එමඟින්

ජාත්‍යන්තර වෙළඳපොල‍ වෙත චීනය ඉහළම දායකත්වය ලබා දෙන බව ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාවේ අධ්‍යක්ෂ සංජය ඉන්ද්‍රකුමාර මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම