තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25 ක්
2024-04-17 16:57:14
Share with:

මේ වසරේ ක්‍රියාවට නැංවෙන තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් රජය මගින් වෙන් කරනු ලැබ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මීට අදාළව ඉදිරිපත් කෙරුණු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමි ව තිබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200 කින් ගම්මාන 200 ක් තෝරාගෙන ඒවා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම මේ යටතේ සිදුකෙරෙන බව අමාත්‍යවරයා කියාසිටී.

හෙට ට (18) යෙදී ඇති  ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පලතුරු පැළ බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් අමරවීර මහතා මේ අදහස් පළකළේය.  

ලංකාවේ කෘෂිකාර්මික අංශයෙන් වැඩි පලදාවක් ලබා ගැනීමට නම් නව තාක්ෂණය කෘෂි අංශයට හඳුන්වා දිය යුතු බවත්, තරුණ ප්‍රජාව ඊට ආකර්ෂණය කරගැනීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම