චීන අග්‍රාමත්‍යවරයා හා ජර්මානු චන්සලර්වරයා අතර හමුවක්
2024-04-17 09:36:12
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි. හමුව ඊයේ(16) සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදුවිය.

ජර්මනිය සමග එක්ව, දෙරට සබඳතාව අඛණ්ඩ ව නව මට්ටමකට රැගෙන යාමට චීනය කැමති බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. ජර්මනියේ වඩාත් වැඩි ගුණාත්මක නිෂ්පාදන ආනයනය කරමින් ජර්මනිය ඇතුළු විවිධ රටවල ව්‍යවසායන් වෙත චීනයේ ආයෝජනය කිරීමට මනා ව්‍යාපාරික පරිසරය සැපයීම චීනයේ අපේක්ෂාව වී තිබේ. අධි තාක්ෂණික නිපැයුම් චීනයට අපනයනයේදී ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීමට හැකි වනු ඇති බවත් හෙතෙම අපේක්ෂා පළ කළේය. ජර්මනියේ චීන ව්‍යවසායන්ට සාධාරණ, විනිවිද මෙන්ම වෙනස්කම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට  හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

චීනය සමග එක්ව, විවිධ මට්ටම්වල සංවාද සහතික කරමින්, මූල්‍ය, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට ජර්මනිය සූදානම් බව Olaf Scholz මහතා එහිදී කියා සිටියේය. දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාව වර්ධනය කිරීම වෙත අවධානයක් දක්වන ජර්මනිය, ‘චීනයෙන් වෙන්වීම’ට විරුද්ධ ය. දෙරටේ ආර්ථික හා වෙළඳ හුවමාරු තවදුරටත් තහවුරු කර ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීම ජර්මනියේ අපේක්ෂාව වී තිබේ. චීන ව්‍යවසායන්ට ජර්මනියේ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ද එරට චාන්සලර්වරයා එහිදී තවදුරටත් පැවසීය.

හමුවෙන් අනතුරුව, එම දෙපළ චීන-ජර්මානු ආර්ථික උපදේශන කමිටුවේ සාකච්ඡවට එක්වූහ. ව්‍යාවසායකයන් සමග අදහස් හුවමාරු කර ගත් ඔවුහු අන්තර්ජාලය ඔස්සේ ස්වයං ධාවන මෝටර් රථ, චක්‍රීය ආර්ථිකය, චීනයට අපනයනය කෙරෙන නැවුම් ඇපල් නිරෝධායනය ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගිතා ලියවිලි රැසකට අත්සන් තැබීමේ අවස්ථාවට ද එක්වූහ. දෙරටේ ව්‍යවසායක‍යෝ 20කට වැඩි පිරිසක් ද ඊට සහභාගී වී සිටියහ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම