"ඊ වීසා" ක්‍රමවේදය සංචාරකයන් සඳහා අද (17) සිට
2024-04-17 17:00:22
Share with:

මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා අද (17) සිට "ඊ වීසා"  ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසන්නේ ආරම්භයේ දී භාෂා පහකින් "ඊ වීසා" අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.

පළමුව සංචාරකයන් සඳහා හඳුන්වාදෙනු ලබන මෙම ක්‍රමවේදය අනතුරුව සියලුම වීසා කාණ්ඩ සඳහා යොදාගැනීමට නියමිත ය. ඒ අනුව, සති 03 ක් වැනි කාලයක් ඇතුළත අධ්‍යාපනික, ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙය භාවිත කරන බව ද  ඉලුක්පිටිය මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම