"චීන නිෂ්පාදිතයන් හි අධිධාරිතාවක්" සම්බන්ධයෙන් පළ වන ප්‍රකාශ පදනම් විරහිත බව චීනය කියාසිටී
2024-04-17 19:55:40
Share with:

චීනයේ නිෂ්පාදිත විදුලි වාහනවල සහ සූර්ය පැනලවල "අධිධාරිතාව" ලෝක වෙළඳපොළට බලපෑම් එල්ලකරන බවට පළ වන ප්‍රකාශ පදනම් විරහිත බව චීනය කියයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (17) මේ බව කියාසිටියේ, ඇමරිකාව සහ යුරෝපා සංගමය  මෑතක දී කළ එම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමිනි.

අදාළ රටවල් විවෘත මනසකින් යුක්තව සාධාරණ තරගකාරීත්ව මූලධර්මය මත පිහිටා ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ගැටළු වෙළඳපොළ ආර්ථික මූලධර්මවලට අනුකූලව සැලකිය යුතු බවත්, ආර්ථික ගෝලීයකරණය, ගෝලීය ශ්‍රම බෙදීම සහ ජාත්‍යන්තර වෙළඳපොළ තත්ත්ව අනුව එය විශ්ලේෂණය කළ යුතු බවත් චීනය යළිත් අවධාරණය කරයි. "අධිධාරිතාව" යන පදනම මත වෙළඳ ආරක්ෂණ පියවර ගැනීම යහපත් තත්ත්වයක් උදා නොකරනු ඇත. එහිදී නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය අඩපණ වී, ගෝලීය ආර්ථිකයේ හරිත පරිවර්තනයට සහ නැගී එන කර්මාන්තවල සංවර්ධනයට දැඩි බාධා එල්ල වනු ඇතැයි ද Lin Jian මහතා පෙන්වා දුන්නේය.

චීනය සෑමවිටම කාර්මික සහයෝගීතාවට විවෘත වෙමින් සිටී. අදාළ රටවල් නීත්‍යනුකූල ආර්ථික සහ වෙළඳ සහයෝගීතා පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි යන්න චීනයේ අපේක්ෂාවයි. එසේම, එම රටවල් චීනය සමඟ එක්ව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර ගනිමින් ආර්ථික ගෝලීයකරණය වඩාත් ප්‍රායෝගික දිශාවකට ප්‍රවර්ධනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද Lin Jian මහතා කියාසිටියේ ය.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම