පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩසටහන් විකාශ සැලැස්ම නිකුත් කෙරේ
2024-04-17 20:03:59
Share with:

චීන මාධ්‍ය සමූහය පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩසටහන් විකාශ සැලැස්ම නිකුත් කරයි.

පැරිස් ඔලිම්පික් උළෙලේ දින 100 යේ අවරෝහණය නිමිති කරගනිමින් චීන මාධ්‍ය සමූහය අද (17) බෙයිජිං හිදී එම සැලැස්ම නිකුත් කර තිබේ. ඒ වෙනුවෙන් පැවති උත්සවයට චීන මාධ්‍ය සමූහයේ කර්තෘ (සංස්කාරක) මණ්ඩල සාමාජික, සාමාන්‍යාධිකාරී කාර්යාලයේ සාමාන්‍යාධිකාරී පෙන් ජියෙන් මිං මහතා සහ එම සමූහයේ විවිධ අංශවල ප්‍රධානීන්, චීන ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් මෙන්ම ප්‍රධාන සමාගම් රැසක ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්වූහ.

පසුගිය වසරේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග අත්සන් තැබුණු උපායමාර්ගික ගිවිසුමකට අනුව චීන මාධ්‍ය සමූහය පැරිස් ඔලිම්පික් උළෙලේ  විකාශ වරම දිනා ගත්තේය. ඒ සමගින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා වැඩිම ඉසව් විකාශය කිරීමේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය බවට චීන මාධ්‍ය සමූහය පත් වනු ඇත.

ගුවන් විදුලිය
20240429සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම