පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධනය සියයට 5.3ක්
2024-04-16 10:29:01
Share with:

පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 5.3ක වර්ධනයක් පෙන්නුම් කරයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය අද(16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු උප ප්‍රධානියෙක් වසර 2024 පළමු කාර්තුවේ චීන ජාතික ආර්ථිකයේ හැසිරීම විස්තර කළේය.

 පළමු කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 29.63ක් වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 5.3ක වර්ධනයක් බව ඔහු සඳහන් කළේය.  ගිය වසරේ සිව්වැනි කාර්තුවට සියයට 1.6ක වැඩිවීමක් ද ඉන් පෙන්නුම් කෙරේ.

එහිදී පළමු මට්ටමේ කර්මාන්තයේ වර්ධන වටිනාකම යුවාන් ට්‍රිලියන 1.15ක් වූ අතර වර්ධනය සියයට 3.3කි. දෙවැනි මට්ටමේ කර්මාන්තයේ වර්ධන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.98කි. එය වසර 2023 පළමු කාර්තුවට වඩා සියයට 6ක වර්ධනයක් පෙන්නුම් කරයි. යුවාන් ට්‍රිලියන 17.49ක වැඩිවීමක් ඉටු කළ තුන් වන කර්මාන්තයේ වර්ධනය සියයට 5ක් ලෙසට ද වාර්තා වී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම