සුඩානයේ සටන් විරාමය ඒකාබද්ධව ප්‍රවර්ධනය කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා‍ ගෙන් ඉල්ලීමක්
2024-04-16 08:59:13
Share with:

සුඩානයේ සටන් විරාමය ඒකාබද්ධව ප්‍රවර්ධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. ඔහු ඊයේ (15) සුඩානයේ සන්නද්ධ ගැටුම් හටගෙන වසරක් ගතවීම වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

මෙය සුඩාන ජනතාවට එරෙහි යුද්ධයක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගිය බවත් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා පැවසීය. මිලියන 18 ක ජනතාවක් දැඩි කුසගින්නෙන් පෙළෙන අතර වැදගත් සිවිල් පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

සුඩානයේ මානුෂීය අරමුදල් වෙනුවන් පරිත්‍යාගයන් සිදු කරන ලෙස අන්තෝනියෝ ගුටෙරෙස් මහතා නැවත වරක් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා මානුෂීය ආධාර ඉතා ඉක්මනින් සහ බාධාවකින් තොරව සුඩාන ජනතාවට ළඟා වීම සහතික කරන ලෙස ද ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම