ඉරාන ජනපති ලබන සතියේ ශ්‍රී ලංකාවට
2024-04-16 18:50:22
Share with:

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, එක්දින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ ඉරාන තානාපති කාර්යාලය පවසයි.

මෙගාවොට් 120 ක ජලවිදුලි උත්පාදන ධාරිතාවකින් යුත් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇත. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරිණ.

2008 අප්‍රේල් මාසයේ එවක ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

විදුලි උත්පාදනයෙන් පසු, යලමහ කන්න දෙකෙහිම කුඹුරු අක්කර 20,000කට ජලය ලබා දෙමින් ජලාශ තුනකට ජලය සැපයීම ද මෙමගින් අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම