න්‍යෂ්ටික ආරක්ෂාව දැඩි කළ යුතු බව චීනය කියයි
2024-04-16 14:12:07
Share with:

න්‍යෂ්ටික ආරක්ෂාව උපරිමයෙන් සහතික කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට පසුගිය දිනවල බොහෝ වරක් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය ඊයේ(15) පැවැත්වූ විවෘත රැස්වීම අමතමිනි.

සන්සුන්ව හා සංයමයෙන් ක්‍රියා කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් චීනය යළිත් ඉල්ලා සිටින බව Geng Shuang මහතා එහිදී පැවසීය. අදහස් හුවමාරු හා ස‍හයෝගිතාවන් හී එල්බ සිටිය යුතු ය. ‘න්‍යෂ්ටික ආරක්ෂක සම්මුතිය’ ඇතුළු ජාත්‍යන්තර නීති දැඩි ලෙස අනුගමනය කර න්‍යෂ්ටික පහසුකම්වලට කවරාකාරයේ හෝ ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකිය යුතු ය. මානව ක්‍රියාකාරකම් මගින් සිදුවිය හැකි න්‍යෂ්ටික අනතුරු වලක්වා ගත යුතු බවද හෙතෙම කීය.

අදාළ පාර්ශ්වයන් සාකච්ඡාවලට එක් කරවීමට අඛණ්ඩ ව දායක වන චීනය, දේශපාලන ක්‍රමයෙන් යුක්රේන අර්බුදය විසඳීමට ප්‍රශස්ත කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව ද Geng Shuang මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම