ලෝක බැංකු, ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්
2024-04-16 18:49:26
Share with:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු මෙරට දූත පිරිස අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ, වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සමගාමීව යි.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ තිරසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔකමුරා මහතා එහිදී ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රී ලංකාව කළ කැපකිරීම ද තමා එහි දී පෙන්වා දුන් බව හෙතෙම පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය, වර්ධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය (BCIU) සමග ද සාකච්ඡාවකට එක් වූ බව ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්‍ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික ආයෝජන මගින් තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම කෙරෙහි එහිදී අවධානය යොමුව තිබේ.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර ද හමුවක් පැවැත්විණ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ වැඩසටහනේ ඊළඟ පියවර සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමග පැවැති සාකච්ඡාවේ දී දුෂ්කර ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා රජයට ප්‍රශංසාව පළ කළ බව ද ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම