ඉරාන ඊශ්‍රායල උණුසුම් තත්ත්වය පිළිබඳව චීන හා ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
2024-04-16 09:04:55
Share with:

ඉරාන ඊශ්‍රායල උණුසුම් තත්ත්වය පිළිබඳව චීන හා ඉරාන විදේශ අමාත්‍යවරු දුරකථන සංවාදයක නිරතවෙති.චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා හා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා අතර ඊයේ(15) පැවති මෙම සාකච්ඡාවේ දී ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් ඉරානය ගත් පියවර වන්ග්යී මහතාට විස්තර කර තිබේ. සිරියාවේ තම තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ ස්ථාවර පැහැදිලි කළ හෙතෙම ඉරානයේ ස්වෛරීත්වය උල්ලංඝනය වීමට එරෙහිව ස්වයං ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට ඉරානයට අයිතියක් ඇතැයි සඳහන් කළේය. වත්මන් කලාපීය තත්ත්වය ඉතා සංවේදී මට්ටමක පවතින බව පැවසූ ඉරාන විදේශ ඇමතිවරයා ඉරානය සංයමයෙන් සිටීමට අපේක්ෂා කරන අතර තත්ත්වය තවත් වර්ධනය කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.

 සිය ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවර පිළිබඳ ඉරාන‍යේ ප්‍රකාශය  චීනය දැන ගත් බවත් සිය ස්වෛරීත්වය හා ගරුත්වය ආරක්ෂා කර ගනිමින් තත්ත්වය මනාව හැසිරවීමට ඉරානයට හැකියාවක් ඇතැයි විශ්වාස කරන බවද චීන විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කළේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම