පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනිසිළුව දැල්වෙයි
2024-04-16 20:08:28
Share with:

පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනිසිළුව දැල්වෙයි. ග්‍රීසියේ වේලාවෙන් අද (16) දහවල් 12:33 ට පැරිස් ඔලිම්පික් ගිනිසිළු එකතු කිරීමේ උත්සවයේ දී එය සිදුකෙරිණ.

එම අවස්ථාවට එක් වූ ග්‍රීක නිළි Mary Mina මහත්මිය පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු පන්දම් දරන්නා වන ග්‍රීක ක්‍රීඩක Stefanos Ntouskos මහතාගේ ගිනිසිළුව දැල්වීය. ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසිය තුළ දින 11 ක් ධාවනය කර ලබන අප්‍රේල් 26 වැනිදා ඇතැන්ස් නුවර පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටු නියෝජිත පිරිසට භාර දෙනු ඇත.

එම ගිනිසිළුව අප්‍රේල් 27 වැනිදා බෝට්ටුවකින් ග්‍රීසියෙන් ප්‍රංශය බලා රැගෙන යාමට නියමිත ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම