මැදපෙරදිග කලාපීය තත්ත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව චීන-සෞදි විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා
2024-04-16 09:33:58
Share with:

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ සෞදි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud මහතා අතර ඊයේ (15) දුරකථන සංවාදයක් පැවැත්විණ. එහිදී මැදපෙරදිග කලාපීය තත්ත්වය සහ චීන-සෞදි අරාබි සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් ගැටළු විසඳීමට සෞදි අරාබිය අවධාරණය කිරීම චීනය අගය කරන බවත් ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා සෞදි අරාබිය සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් වැන්ග් යී මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් චීනය ක්‍රියාකාරී හා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි සෞදි අරාබිය දැඩි ලෙස අපේක්ෂා කරන බව Faisal bin Farhan Al Saud මහතා සඳහන් කළේය. ගාසා තීරයේ ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම, ද්විරාජ්‍ය  විසඳුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම සඳහා චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෞදි පාර්ශ්වය කැමැත්තෙන් සිටී. එය මැද පෙරදිග ස්ථාවරත්වය ඉක්මනින් ළඟා කර ගැනීමට උපකාරී වනු ඇති බව ද හෙතෙම පැවසීය.

සෞදි අරාබිය චීනය සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තිරසර සංවර්ධනය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම