චීන ජර්මන් සම්බන්ධතාවයේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි
2024-04-16 15:20:22
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(16) පෙරවරුවේ බෙයිජිංහි ද්‍යඕයුටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදී ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමු විය.

ලොව දෙවැනි හා තුන් වැනි විශාලතම ආර්ථික ඒකක වශයෙන් චීනය හා ජර්මනිය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය සහතික කිරීමෙහි ඇති වැදගත්කම, ද්විපාර්ශ්වීය සම්බන්ධතාව අභිබවමින් යුරේසියා මහාද්වීපය හා සමස්ත ලෝකයටම බලපානු ඇතැයි ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. දෙරටේ කර්මාන්ත දාමය හා සැපයුම් දාමය එකිනෙකාට ගැඹුරින් සම්බන්ධ වී ඇති අතර එම වෙළඳපොල අතර අන්‍යෝන්‍ය බැඳීම උපරිමයෙන් පවතින බව ද ඔහු කීය. චීනය අපනයනය කරන විදුලි වාහන, ලිතියම් බැටරි හා ප්‍රකාශ වෝල්ටීය නිෂ්පාදිත, ගෝලීය සැපයුමටත්, ගෝලීය උද්ධමනය සමනය කිරීමටත්, දේශගුණ විපර්යාසයට මුහුණ දෙමින් හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් දායක වී තිබේ. චීනය හා ජර්මනිය වෙළඳ ආරක්ෂණවාදයේ හිසඑසවීම පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටිය යුතුය. ස්වාධීන ව බහුපාර්ශ්වික සහයෝගතා පැවැත්වීම ද වැදගත් ය. ජගත් ප්‍රජාව දේශගුණික විපර්යාසය, අසමබර සංවර්ධනය හා කලාපීය ගැටළු යනාදියට වඩා යහපත්ව මුහුණ දීමට ‍පොළඹවමින් ලෝකයේ ස්ථාවරත්වයට වැඩි කැපකිරීම් සිදු කිරීමට දෙරටට එක්ව කටයුතු කළ හැකි යැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

පසුගිය දින දෙකේදී චොංචිං, ෂැන්හයි යන ප්‍රදේශවල සංචාරය කළ තමා මෑත වසරවල චීනය ලද දැවැන්ත ආර්ථික ජයග්‍රහණ සියැසින් දැක ගත් බවත් විශේෂයෙන් චීන ජර්මානු ව්‍යාපාර අතර සමීප සහයෝගතාව තම සතුටට හේතු වූ බවත්  ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා එහිදී කියා සිටියේය. ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අදහස් හුවමාරු පුළුල්  කිරීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බව ද ඔහු පවසා ඇත.

අනතුරුව නායක දෙපළ යුක්‍රේන අර්බුදය, පලස්තීන ඊශ්‍රායල ගැටුම ඇතුළු පොදු සැලකිල්ල යොමු වන ජගත් හා කලාපීය ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. 



ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම