වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ කැපීපෙනෙන වර්ධනයක්
2024-04-16 17:02:26
Share with:

2024 වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් බිලියන 29,629.9 ක් ලෙස වාර්තා වේ. එය පසුගිය වසරට සාපේක්ෂව 5.3% ක වර්ධනයක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය නවතම දත්ත වාර්තා නිකුත් කරමින් අද (16) පැවසීය.

චීනයේ කෘෂිකාර්මික නිෂ්පාදන යහපත් තත්ත්වයේ පවතින අතර, කාර්මික නිෂ්පාදන අංශය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. රටේ වෙළඳපොළ විකුණුම් ද ස්ථාවර ලෙස වර්ධනය වන බව එම සංඛ්‍යාලේඛනයන් හි සඳහන් ය. ස්ථාවර වත්කම් ආයෝජන ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. භාණ්ඩ ආනයනය හා අපනයනය ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන අතර, වෙළෙඳ ව්‍යුහය ද අඛණ්ඩව දියුණු වෙමින් පවතී. 2024 පළමු කාර්තුවේ දී චීනයේ රැකියා තත්ත්වය ද ස්ථාවර වී තිබේ.  පුරවැසියන්ගේ ආදායම ද ක්‍රමයෙන් වර්ධනය වී ඇත.

මේ කාලය තුළ සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයේ ධනාත්මක සාධක තහවුරු වී ඇති අතර, එය වාර්ෂික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මනා පදනමක් සකසා ඇතැයි චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වාදෙයි. ඊළඟ අදියරේ දී, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කරමින් ධනාත්මක ආර්ථික ප්‍රකෘතිමත්භාවය තහවුරු කෙරෙන බව ද  එම කාර්යාංශය අවධාරණය කරයි.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම