135 වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024-04-15 18:46:04
Share with:

135 වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය ඇරඹේ. Guangzhou නගරයේ දී අද (15) විවෘත වූ එය මැයි 5 වැනි දා දක්වා පැවැත්වේ. මාර්ගගත‍‍ නොවන ආකාරයේ ප්‍රදර්ශන ක්‍රියාකාරකම් මාලාවක්, අංශ තුනක් යටතේ එහිදී පැවැත්වීමට නියමිතයි.

මෙවර සමස්ත ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් ලක්ෂ 15.5 ක් වන අතර, එක්ව සිටින ප්‍රදර්ශකයන් සංඛ්‍යාව 29,000 කි. ඊයේ (14) වන විට, රටවල් සහ කලාප 215 කින් විදේශීය ගැනුම්කරුවන් 149 000 ක් පූර්ව ලෙස ලියාපදිංචි වී සිටි අතර, එය පසුගිය වතාවට සාපේක්ෂව 17.4% ක වර්ධනයකි.  

චීනයේ උසස් නිෂ්පාදන ජයග්‍රහණ මෙවර ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, ‍නව නිෂ්පාදන මිලියනයකට අධික ප්‍රමාණයක් එළිදැක්වෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. විදේශීය ගැනුම්කරුවන් මෙවර ප්‍රදර්ශනයට සහභාගි වීමට වැඩි කැමැත්තක් දක්වා තිබීම ද විශේෂත්වයකි. වෙළඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් 600 කට අධික සංඛ්‍යාවක් ද එහිදී පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම