සංස්කෘතික උරුම සංරක්ෂණය බලගැන්වීම පිළිබඳ චීන ජනපතිගේ ලිපියක් හෙට (16) පළකෙරේ
2024-04-15 17:11:32
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ලිපියක් චීනයේ Qiushi සඟරාවේ හෙට (16) පළකෙරේ.  “සංස්කෘතික උරුම සංරක්ෂණය බලගැන්වීම හා විශිෂ්ට චීන සංස්කෘතීන් ඔප්නැංවීම” එහි තේමාවයි. ෂී ජින්පිං ජනාධිපතිවරයා 2013 වසරේ අගෝස්තු මාසයේ සිට 2023 වසරේ‍ දෙසැම්බර් මාසය අතර කාලයේ සංස්කෘතික උරුම සම්බන්ධයෙන් පළ කළ වැදගත් අදහස් එම ලිපියෙහි අන්තර්ගත ය.

චීන ශිෂ්ටාචාරයට දිගු ඉතිහාසයක් ඇති බව හෙතෙම එම ලිපියෙන් පෙන්වා දෙයි. පුරාවස්තු සංරක්ෂණය හා ප්‍රයෝජනයට ගැනීම, සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම හා සංරක්ෂණ ක්‍රමවේද වැඩිදියුණු කිරීම අතිශය වැදගත් බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත. සුළු ජාතීන්ගේ ඉතිහාසයන් හා සංස්කෘතීන් පිළිබඳ පර්යේෂණ ශක්තිමත් කරමින් චීන ශිෂ්ටාචාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා තරුණ පරපුරට මඟපෙන්විය යුතුය. චීන ජාතිකයන්ගේ අභිමානය, අභිලාෂය හා විශ්වාසය එමගින් ශක්තිමත් කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී.

චීනය, ලොව පැරණි ම ඉතිහාසයක් හා සංස්කෘතියක් හිමි රාජ්‍යයකි. එසේම, වෙනස් ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අවබෝධය හා ගරුත්වය පවත්වා ගැනීම චීන ශිෂ්ටාචාරය මුල සිට ම පවත්වා ගත් ගුණාංගයක් ද වේ. විවිධ කලාප අතර සංස්කෘතික හුවමාරු ශක්තිමත් කරමින්, සංස්කෘතික උරුම සංරක්ෂණය හා අධ්‍යයනය ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම